විමල්ට බැන්න පොහොට්ටු මන්ත‍්‍රීන් සමාජ ජාලවල හාන්සියි.. දිගට හරහට කුණු බැණුම්.. සමහරුන් ගිණුම් ලොක් කර දමති…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසකට සමාජ ජාල ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ල වෙමින් තිබේ.
ඔවුන්ගේ සමාජ ජාලා පිටු වලට ප්‍රතිචාර දක්වමින් සමාජ ජාල පරිශීලකයන් දැඩි විවේචන එල්ල කමින් ඇත.
අමාත්‍ය විමල් වීරවංශ මහතාට දොස් පවරමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ පිරිස මෙම තත්වයට මුහුණ පා සිටී.
ඇතැම් මන්ත‍්‍රීන් තම ගිණුම්වලට ප‍්‍රතිචාර දැක්විය නොහැකි වන සේ ගිණුම් ආරක්‍ෂා කර ඇති බවත් නිරීක්‍ෂණය කල හැක.

No comments: