Header Ads

Breaking News
recent

ආණ්ඩුවට විරුද්දව ගැලරි චූන් කරන්න ඕන නම් විමල් එලියට වනු.. පොහොට්ටුවේ හැමෝගෙම අදහස ඔහු ආණ්ඩුවෙන් ඉවත් කිරීමයි - ලංසා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩකටයුතු පක්ෂය විසින් බලාගන්නා බවත් විමල් වීරවංශ මහතා ඔහුගේ පක්ෂයේ වැඩ බලා ගන්නා ලෙසත් තමන් ඉල්ලා සිටින බව රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සඳහන් කරයි. කැබිනට් ඇමතිවරයකු ලෙස කැබිනට් මණ්ඩලය ගන්නා සාමූහික තීන්දුවලට එකඟ විය යුතු බවත් එසේ කිරීමට අපහසු නම් ආණ්ඩුවෙන් ඉවත් වී ගොස් විපක්ෂයේ කැමති සන්ධානයක් හදා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ගැලරිය චූන් කරන්න යන්නේ නම් එලියට ගිහින් ගැලරි චූන් කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේම අදහස් වී ඇති විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් ඉවත් කිරීම බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී මාධ්‍ය අමතමිනි.


No comments:

Powered by Blogger.