Header Ads

Breaking News
recent

ලංකාවත් ඇමරිකා ක‍්‍රමයට.. කොරෝනා ආසාදිතයන් නිවසේ රදවන්න සූදානම්..

කොරෝනා ආසාදිතයන් හේතුවෙන් රෝහල්වල ඇතිවන තදබදය වළක්වාලීම සඳහා ආසාදිතයන් නිවසේ සිට හුදෙකලා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී තිබේ.

සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග වාර්තා කරන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන ආසාදිතයන් මෙසේ නිවෙස් වල හුදෙකලා කිරීමට අවධානය යොමුව ඇති බවය.

කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ බෝවන වලින් පෙළෙන්නන් නිවසේ රඳවාගෙන ප්‍රතිකාර කිරීම නොකළ යුත්තක් බවයි.

කොරෝනා ආසාදිතයන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම කළ නොහැකි නිසා ඒ සඳහා අදාළ පනත් කඩිනමින් සංශෝධනය වීමට අවශ්‍ය බවද සංගමය පෙන්වා දෙයි.

No comments:

Powered by Blogger.