Header Ads

Breaking News
recent

කෝටිපති මැණික් ව්‍යපාරිකයා සමග විවහාවුණු සුරූපී නිලි නයනතාරා ගෙවන සැප ජීවිතේ [PHOTOS] | Gossip story about Sewwandi Nayanthara

කෝටිපති මැණික් ව්‍යපාරිකයා සමග විවහාවුණු සුරූපී නිලි නයනතාරා ගෙවන සැප ජීවිතේ

අපේ රටේ ඉතා ජනප්‍රිය සුරූපී තාරකාවක් වන සෙව්වන්දි නයනතාරා කියලා කියන්නේ අහම්බෙන් රංගනයට එන ආදරණීය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මුලින්ම ප්‍රේක්ෂකයන්ට මුණ ගැහෙන්නේ තෝඩු කියන ටෙලි නිර්මාණයෙන්. වැඩි හදිස්සියක් නැතිව රංගනයෙන් දුර ගමනක් යන්න උත්සහ කරන ඇය බොහෝ දෙනාගේ ආදරය දිනපු රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. රංගනය සේම විවාහයත් එක්ක නැවුම් වු ජීවිතේ සරු තැන් බෙදා හදා ගන්න අප ඇයත් සමඟ කතා කලා. ඉතින් මම නම් හොදින් සතුටින් ජීවත් වෙනවා.
නාඩි කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නිමා උනා. ඒ ලැබුණු විවේකයත් එක්ක සැමියාගේ ගමට ආවා. ඉතින් මේ දවස් වල දෙන්නත් එක්ක එහේ මෙහෙ ඇවිදිමින් නිදහසේ කාලය ගත කරනවා. නාඩි ටෙලිනාට්‍ය නිසා ලැබෙන ප්‍රතිචාරනම් ගොඩක්ම හොඳයි. නාඩි කියලා කියන්නේ මම සම්බන්ධ උන දෙවෙනි ටෙලිනාට්‍යය. ඉතින් පළමු රගපෑමට වඩා දෙයක් කරන්න මට තේරෙනවා. ගොඩක් අය මට කිවුවා මම මේ චරිතය හොඳට කලා කියලා. ඒ නිසාමද කොහෙද ලවන්‍යාගේ චරිතයට සාදාරණයක් කලා කියලා හිතෙනවා. ඇත්ත ජීවිතේ මම ලවන්‍යා වගේ තමයි. ඇය ප්‍රශ්න වලට බයක් නැතුව මුහුණ දුන්නත් මම නම් ප්‍රශ්න වලදී ඉක්මනින් වැටෙනවා. ඉතින් ඒ අසමානකම ඇරෙන්න ලවන්‍යාගෙයි මගෙයි ජීවිත එක හා සමානයි.

දැන්නම් ඉතින් වැටෙන තැන් වලින් නැගිට්ටවන්න මගේ ජීවිතේ කෙනෙක් ඉන්නවා. ඇත්තම කිවුවොත් ඔහු තමා මගේ ශක්තිය. විවාහ උනාට පස්සේ සමරපු පළමු උපන්දිනය දවසේ රෑ 12ට මගේ සැමියා පවුලේ අයත් එක්ක කේක්, තෑගි බෝග අරගෙන ඇවිල්ල මාව පුදුම කලා. ඉතින් මට ගොඩක් සතුටු හිතුන දවසක් තමයි එදා. ඇත්තම කිවුවොත් නිර්මාණ වලට ආරාධනා වලින්නම් අඩුවක් නැහැ. හැබැයි ඉතින් එක සැරේ එක වැඩක් කලාම කාලය කළමණාකරණය කර ගන්න එක පහසුයි. නාට්‍යයක රූගත කිරීම් වලදී උනත් මාසයක් ඒ වෙනුවෙන් වැය කරන්න මම කැමති නැහැ. දැන් මට පවුල් ජීවිතයක් තියනවා. ඔහු ගැන මන් බලන්න ඕනේ. ඇත්තටම මම රඟපානවට මුලින්ම මගේ සැමියා ප්‍රනීත් කැමති උනේ නැහැ. නමුත් අපි කරගෙන අපි දෙන්නා තුන්දෙනා වෙන හීනයත් හැබෑ කරගෙන ජීවිතයේ සතුටින් ඉන්න තමයි මගේ හීනය කියලයි ඇය අවසානයේ පැවසුවේ. ඉතින් මේ ආදරණීය පුංචි පවුලේ ඡායාරූප පෙළක් ඔබට පහතින් නරඹන්න පුළුවන්.

No comments:

Powered by Blogger.