Header Ads

Breaking News
recent

මම ජනාධිපති වුණේ මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි: මම වැඩ කරන්නේ මගේ ක්‍රමයට: ෆේස්බුක් විවේචනවලට ගෝඨා උත්තර දෙයි - (video)

“දුෂ්කර ගම්මානවලට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට යැවෙන්නේ නෑ. අපි එන්නේ ඒ ගම්මානවල ජනතාවගේ අදහස් සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. මම දැක්කා සමහර සමාජ මාධ්‍යවල කියනවා මේවා දේශපාලන නාට්‍ය, මාධ්‍ය සංදර්ශන කියලා. මේවා එහෙම ඒවා නෙමෙයි. මාධ්‍ය සංදර්ශන දාන්නේ ඡන්දෙ කිට්ටු වෙලානේ. ඒකට තව අවුරුදු 4ක් තියෙනවා. අපි බලයේ ඉන්නකොට මේ ජනතාව අතරට යනවා. පරිසරය සමග සංවර්ධනය කරන්නේ කොහොමද කියලා මම පෙන්වලා දීලා තියෙනවා. මම මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි ජනාධිපති වුණේ. වැඩකරලා. කවුරු වුණත් විවේචනය කරන්න පුළුවන්. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ.” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේය.

‘ගම සමඟ පිළිසඳර’ 9 වැනි අදියරට අද (06) එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘ගම සමඟ පිළිසඳර’ 9 වන අදියර අද ක්‍රියාත්මක වුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ආසනයේ දික්වැල්ල ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍රකර ගනිමිනි.

දික්වැල්ල කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා භූමියට පැමිණි ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමග සුහද පිළිසඳරක ද නිරත විය.


No comments:

Powered by Blogger.