Header Ads

Breaking News
recent

මානව හිමිකම් කොමසාරිස්වරිය කොහොම තර්ජනය කළත් ඇයට තීරණ ගැනීමේ බලයක් නැහැ - සරත් වීරසේකර (VIDEO)

යුධ අපරධ චෝදනා නගමින් මානව හිමිකම් කොමසාරිස්වරිය සිදුකරමින් ඉන්නේ ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

එවැනි තර්ජනයක් කළද ඇයට තීරණ ගැනීමේ බලයක් නැති අතර එම බලය තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සහ මහ සභාවට බව අමාත්‍යවරයා සඳහන් කරයි. 

ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ජනරාල්වරු,අද්මිරාල්වරු රජයේ නිල තලවලට පත්කිරීම ගැන මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රශ්න කළද  එය ඇමරිකාවේ ජනාධිපතිවරයාගෙන් නොවිමසන බවත් එලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් නිසා බව හෙතෙම පෙන්වා දෙයි. 

''යහපාලනය සමයේ යුධ අපරාධ සම්බන්ධයෙන් මානව හිමිකම් චෝදනාවට මංගල සමරවීර ඇමතිවරයා සම අනුග්‍රහය දැක්වීමෙන් මේ ප්‍රශ්නය ඇති වුණේ. කැබිනට් එකේ හෝ ජනාධිපතිවරයාගේ, ජනතාවගේ කිසිම අවසරයකින් තොරව එය කළේ. ඒ කියන්නේ අපි යුධ අපරාධ කළා කියල පිළිගත්තා. ඒ නිසා මානව හිමිකම් කවුන්සිලයේ කිසිම රටක් අපිට පක්ෂව එතකොට කතාකරන්නේ නැහැ. ඒ ද්‍රෝහීකමෙන් තමයි ජිනීවා යෝජනාව අනුමත වුණේ කිසිම ජන්දයකින්, විවාදයකින් තොරව. නමුත් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පසුගිය පෙබරවාරි මාසයේ මේ සම අනුග්‍රහකත්වයනේ ඉවත් වුණා.''  
 
එහෙත් මානව හිමිකම් කොමසාරිස්වරිය මෙලෙස රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසා සිටිනවා නම හොඳ යැයිද සරත් වීරසේකර මහතා කියා සිටියි. 

''අපි මොනතරම් පුංචි රටක් වුනත් අපේ රටේ අභිමානය රැක ගත යුතුයි. තර්ජනය කලා කියල අපි බිය වෙන්නේ නැහැ බොහෝ රටවල් අපිට පක්ෂව ඉන්නවා.'' 

මානව හිමිකම් කොමිසම අපිට යුධ අපරාධ චෝදනා එල්ල කළද LTTE සංවිධානය බුරුතු පිටින් මිනිස්සු මරද්දී මානව හිමිකම් කොමසාරිස්වරිය කොහේ  සිටියේද යන්න පිළිබඳවද අමාත්‍යවරයා සිහිපත් කළේය. 

No comments:

Powered by Blogger.