Header Ads

Breaking News
recent

විමල්ගේ ආයතනයක කෝටි 30ක මහා වංචාවක්: වහාම වාර්තාවක් කැඳවයි

ටොන් එකක් සඳහා  ඇමෙරිකානු ඩොලර් 18ක පාඩු පිට ඉල්මනයිට් ඛනිජ වැලි ටොන් 85000ක් අලෙවි කිරීමක් පිලිබඳව කෝප් කමිටුවේදී හෙලිවී ඇත.

මෙම ගනුදෙනුවේදී වැඩිම ලංසුව ඩොලර් 165ට පැමිණ තිබියදී අඩු ලංසුවක් වූ ඩොලර් 147ට ලබා දීමෙන් මෙම පාඩුව සිදුව ඇති බව පැවසේ.

මේ හේතුවෙන් රජයට රුපියල් කෝටි 30ක පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

මෙම වංචාව සිදුව ඇත්තේ 2020 වසරේදීය.

එම ගනුදෙනුවට අදාළව ටොන් 20,000ක මුදල් ද තවමත් ගෙවා නැතැයි හෙළිවී තිබේ.

මෙම ආයතනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා යට‌තේ පවතින්නකි.

No comments:

Powered by Blogger.