Header Ads

Breaking News
recent

ආණ්ඩුව උතුරේ දෙමල බහුතරය වෙනස් කරනවා.. සිංහලයන් පදිංචි කරවනවා.. දෙමල ඉඩම් කොල්ලකමින් ඔවුනට දෙනවා !

තුරු පළාතේ ඉඩම් වෙනත් පළාත්වල සිංහල ජනතාවට බෙදා දෙමින් ආණ්ඩුව උතුරු පළාත තුළ දෙමළ ජන සංයුතිය වෙනස් කිරීමේ උත්සාහයක සිටින බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සඳහන් කරයි. එහි පියවරක් ලෙස මේ දිනවල උතුරු පළාතට පැමිණීමට කැමැත්තෙන් සිටින පොලිස් නිලධාරීන් හා රජයේ සේවකයන්ට එම පළාතෙන් ඉඩම් ලබා දෙමින් ඇතැයිද ඔහු පැවසීය.

උතුරු පළාතේ සිංහල ජනගහනය වැඩි කර ඔවුන් අතරින් පිරිසක් පාර්ලිමේන්තුවට යවා උතුරේ පිරිහී ඇති සිංහල බෞද්ධ දේශපාලන ශක්තිය වර්ධනය කිරීම ආණ්ඩුවේ උත්සාහය බවටද ඔහු චෝදනා කරයි.

පසුගිය මැතිවරණයේදී සිංහල පුද්ගලයෙකු උතුරෙන් පාර්ලිමේන්තුවට එවීමට ආණ්ඩුව ප්‍රබල උත්සාහයක් ගත්තද එය අසාර්ථක වූ බවද පවසන ඔහු ඊළඟ මහ මැතිවරණයේදී එය ඉටුකර ගැනීමට ආණ්ඩුව සිංහල ජනපද උතුරේ බලහත්කාරයෙන් පිහිටුවමින් ඇතැයිද සඳහන් කළේය.

එසේ පැමිණෙන ජනතාවට ඉඩම් ලබාදීම සඳහා උතුරේ දෙමළ ජනයා සතු ඉඩම් ආණ්ඩුව කොල්ල කමින් සිටින බවත් ඔහු චෝදනා කළේය.


No comments:

Powered by Blogger.