Header Ads

Breaking News
recent

ඇඟළුම් සේවකයන්ට කොම්පැනිකාරයෝ කෝටි 480ක් අහිමි කරලා !

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ පසුගිය වසරේ (2020) මාර්තු මස සිට මැයි මාසය දක්වා ආසියානු ඇඟළුම් කර්මාන්තශාලාවලට එල්ලවූ බලපෑමේ ඇඟළුම් ගැණුම්කරුවන් වන (බ්‍රෑන්ඩ්ස්) තම ඇණවුම් ඉල්ලා අස්කරගෙන ඇණවුම්වලට නිසි ගෙවීම් ද කර නැති බවට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය චෝදනා කරයි.

එසේම ඇඟළුම් කර්මාන්තශාලා හිමියන් ද වසර ගණනාවක් සේවය කළ සේවකයින්ට අප්‍රේල් මස ගෙවීමට නියමිතව තිබූ බෝනස් මුදල් අහිමි කිරීම, සේවයට වාර්ථා කිරීමට නොහැකි වූ සේවකයින්ට වැටුප් නොගෙවීම, පැමිණීමේ දීමනා අහිමි කිරීම, ප්‍රවාහන පහසුකම් ලබා නොදීම, උනන්දු දීමනා නැති කිරීම, සේවකයින්ගේ අතිකාල අහිමි කිරීම වැනි ක්‍රම මගින් ඔවුනට අහිමි කළ මුදල ඉතා විශාල බවට ද එම සංගමය පෙන්වා දෙයි.

මෙසේ මෙරට ඇඟළුම් සේවකයින්ට අහිමි කළ මුදල ඩොලර් මිලියන 24 ක් (රුපියල් කෝටි 480 යි) බවද පැවසේ.

මීට අමතරව විශාල සේවක පිරිසකගේ රැකියා අහිමි කළ බවත්, ඔවුනට හිමිවිය යුතු වන්දි මුදල් නොගෙවී බවටත් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය චෝදනා කරයි.

විරෝධතා සතියේ පස්වැනි දිනය අද

මෙසේ කොවිඩ් 19 වසංගතය නිසා අසාධාරණයට ලක් වූ ලොව පුරා සිටින ඇඟළුම් සේවකයින්ට අහිමි කළ එම මුදල් ගෙවන ලෙස ඉල්ලා වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා සිවිල් සංවිධාන එකතු වී එසේ අහිමි කළ මුදල් ඇඟළුම් සේවක සේවිකාවන්ට ගෙවන ලෙසට ගැණුම්කරුවන්ට සහ කර්මාන්තශාලා හිමියන්ට බල කිරීමට 2021 මාර්තු මස 15 වැනිදා සිට 21 වැනිදා දක්වා විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම සතිය පුරා එක් එක් රටවල් වල ඇඟළුම් සේවකයින්, වෘත්තීය සමිති සහ වෙනත් සංවිධාන විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන අතර පෙත්සම් අත්සන් කිරීම්, රැස්වීම් පැවැත්වීම සහ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් තමන්ට අහිමි කළ ගෙවීම් දිනා ගැනීමට කටයුතු කරන්මි සිටන බවද පැවසේ.


No comments:

Powered by Blogger.