රන්ජන්ගේ සිරකුටිය ළඟ තිබුණේ ලක්ෂ 5ක් ගෙවලා ගත්ත දුරකථනයක් !
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රන්ජන් රාමනායක මහතා රඳවා තිබෙන සිරමැදිරිය අසල බිම වළ දමා තිබියදී බන්ධනාගාර බුද්ධි අංශය මඟින් සොයාගෙන තිබෙන නවීන පන්නයේ ජංගම දුරකථනය කිසියම් පුද්ගලයකුට ඊසි කෑෂ් මඟින් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා ගෙන්වා ගත් එකක් බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත තොරතුරු ලැබී තිබේ.
එසේ මුදල් ගෙවා ගෙන්වා ගන්නා ලද දුරකථනයක් රාමනායක මහතා රඳවා සිටින සිරමැදිරිය අසල බිම වළ දමා ඇති බවට ලද තොරතුරකට අනුව පෙරේදා (15දා) බන්ධනාගාර බුද්ධි අංශය මඟින් සිදුකළ සෝදිසියකදී එම දුරකථනය එසේ සොයාගෙන තිබිණි.
රාමනායක නමැති රැඳවියා කිසියම් පුද්ගලයකුට රුපියල් ලක්ෂ පහක් ඊසි කෑෂ් ක්‍රමයට යවා එම දුරකථනය ගෙන්වා ගෙන ඇති බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත තොරතුරු ලැබී ඇති බව මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කියාසිටි බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.
කෙසේ වුවද ඒ පිළිබඳව සත්‍ය වශයෙන්ම තහවුරු කරගැනීම සඳහා එම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පියවර ගත් බවය.
බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසූවිට ඔහු කියා සිටියේ එවැනි තොරතුරක් ලැබී ඇති බවත් අමාත්‍යවරයාගේ උපදෙස් මත ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.
No comments: