Header Ads

Breaking News
recent

ජර්මන් ලේබලය ගහලා හදන්නේ අටුළුගම..කෝටි ගණනක විෂ ආලේපන දිනකට පිටකොටුවට..ෆේෂ්වොෂ්,ඩියොඩ්‍රන්,ක්‍රීම් ඒ අතර

පිටකොටුව තොග වෙළෙඳපොළ වෙත එක් සැපයුම්කරුවකු පමණක් මසකට රුපියල් ලක්ෂ හැත්තෑපහක් වටිනා භාවිතයට නුසුදුසු රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිකුත් කරන බව අනාවරණය වී තිබේ. ජර්මනිය සහ පාකිස්තානයෙන් ආනයනය කළ බවට ව්‍යාජ ලේබල් අලවා මහා පරිමාණයෙන් ප්‍රමිතියෙන් බාල රූපලාවණ්‍ය ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධව බොරැල්ලේදී අත්අඩංගුවට ගත් මොවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවී ඇත.

වසර පහක සිට තමන් මෙය කරගෙන යන බවත්, වැටලීම් කර නැවත්වීමට නොහැකි තරමේ සංවිධානයක් මෙයට සම්බන්ධ බවත් සැකකරු අනාවරණය කර තිබේ.

සම සුදුපැහැ ගන්වන ආලේපන, ෆේස්වොෂ්, සුවඳ විලවුන්, ඩියොඩ්‍රන් ඇතුළු රූපලාවණ්‍ය ද්‍රව්‍යවලට අවශ්‍ය අමුද්‍රව්‍ය පවා මෙරටදී සංවිධානාත්මක කණ්ඩායමක් එක්ව නිෂ්පාදනය කරන බවද හෙළිවී ඇත.

මෙවැනි නිෂ්පාදන බණ්ඩාරගම, අටළුගම කේන්ද්‍ර කරගෙන සැකසෙන බවද අනාවරණය වී තිබේ. මෙම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය මෙයට සම්බන්ධ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් මෙටට ගෙන්වා ඇත.

මේ බව අනාවරණය වී ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයට ලද බුද්ධි තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය සමග බොරැල්ල කොටා ගාර්ඩ්න්හිදී පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදීය.

ඔහු වසර පහක් තිස්සේ කොළඹට අමතරව ගම්පහ, මාතලේ, කළුතර, මහනුවර, බදුල්ල, අම්පාර ඇතුළු ප්‍රදේශ රැසකට මෙම ආලේපන බෙදාහැර ඇත.

ඉකිමනින් මුහුණු සුදුකරන ආලේපන පාසල් දැරියන්, ඇඟලුම් කර්මාන්තයේ නිරත තරුණියන් වැඩිදුරම ඉලක්ක කරගෙන බෙදාහරින බවත්, අධික ර ස දි ය මාත්‍රාවන් ඇතුළු අහිතකර රසායන ඇතුළත් මෙම ආලේපන භාවිතය නැවතූ සැණින් මුහුණු අවපැහැගැන්වෙන නිසා අඛණ්ඩව භාවිත කිරීමෙන් පි ළි කා ඇතිවීමේ අවදානමක් ඇතැයිද හෙළිවී තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා/ එෆ්. අස්ලම් (අරුණ)


No comments:

Powered by Blogger.