Header Ads

Breaking News
recent

ලංකාවේ පැතිරෙන්නේ බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදයයි : ප්‍රභේදය ආසාදනය වූ පළමු පුද්ගලයා හමුවුයේ බොරලැස්ගමුවෙන්

ශ්‍රී ලංකාව තුල මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින්නේ බ්‍රිතාන්‍යයෙන් හමුවූ B.1.1.7. නම් කොවිඩ් ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

කොළඹ නගර සභා බලප්‍රදේශය, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ගෙන් ලබා ගත් සාම්පල් 43ක් යොදා සිදුකල ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් මේ බව තහවුරු වූ බවයි වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පළමු ආසාදිතයා ඉකුත් අප්‍රේල් මස 08 වෙනිදා බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි වැඩ බිමකින් හඳුනා ගැනුණු බවද ඔහු සඳහන් කර සිටියා.

මේ වන විට රට තුල සිඝ්‍රලෙස ව්‍යාප්ත වන කොවිඩ් තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම නව ප්‍රභේදය බවත් රටේ සෑම ප්‍රදේශයකින්ම ලද කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ දැනට ක්‍රියාත්මක බවත්, එහි ප්‍රථිපල ලබන ඉරිදා ලබාදීමට හැකි බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයෙන් පළමුවරට හඳුනා ගැනුණු B.1.1.7. කොවිඩ් ප්‍රභේදය සාමාන්‍ය සාර්ස් කොවිඩ් වෛරසයට සාපේක්ෂව ව්‍යාප්ත වීමේ වේගය සීයයට 55කින් වේගවත් වනවා.

මෙම වෛරස ප්‍රභේදයෙන් වැඩි වශයෙන් බලපෑම් එල්ල කරනු ලබන්නේ තරුණ පිරිස් වලටයි.

මේ වන විට දෙවන කොරෝනා රැල්ලෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙන ඉන්දියාව තුල මෙම B.1.1.7. වෛරස ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයින් සිඝ්‍ර ලෙස ඉහළ යමින් තිබෙනවා.

උදාහරණයක් වශයෙන් ගත් කළ පන්ජාබයේ සීයයට 81ක් සහ දිල්ලියේ 50% රෝගීන් හට මෙම බ්‍රිතාන්‍යය වෛරස් ප්‍රභේදය ආසාදනය වී තිබෙන බවට හෙළිවී තිබෙනවා.

No comments:

Powered by Blogger.