Header Ads

Breaking News
recent

රංජන්ගේ මානසික තත්ත්වය හොඳ නැහැ - විපක්ෂ නායක මන්ත්‍රීවරුන්ට කියලා

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වසර 4 ක සිර දඬුවමක් විදිමින් සිටින රංජන් රාමනායක මහතා දැඩි මානසික බිඳ වැටීමකින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කොට තිබේ. තමා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මහතා මුණ ගැසුණු අවස්ථාවේ ඔහු හා කළ කතාබහේදී මේ බැව් තමන්ට තේරුම් ගිය බවද විපක්ෂ නායකවරයා මන්ත්‍රීවරුන් හමුවේ සඳහන් කොට තිබේ.

ජීවත්වීම එපා වන තත්ත්වයටම තමා කලකිරී සිටින බව රාමනායක මහතා තමා සමඟ සදහන් කළ බවද සමගි ජන බලවේගයේද නායකයා වන විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සිය මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කොට තිබේ.

විශේෂයෙන්ම රන්ඡන් රාමනායක මහතාට ජනාධිපති පොදු සමාව ඉල්ලීමට විපක්ෂ නායකවරයා පියවර ගෙන තිබෙන්නේද මෙම තත්ත්වය මත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රංජන් රාමනායක මහතාගේ සිරදඬුවම නියම කොට තිබෙන්නේ මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය බැවින් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඊට ඉහළින් අධිකරණයක් නොමැති හේතුවෙන් වැඩි විනිසුරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව යළිත් මෙම තීරණය සලකා බලන ලෙස කළ ඉල්ලීම් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

ඒ අනුව රන්ජන් රාමනායක මහතාට සිරබත් කෑමෙන් නිදහස් වීමට ජනපති සමාව ලබා ගැනීම හැර වෙන විකල්පයක් නොමැත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4 ක සිර දඬුවමක් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද මේ වනවිට අහෝසි වී තිබේ.

No comments:

Powered by Blogger.