Header Ads

Breaking News
recent

පාර්ලිමේන්තුවේ විනාඩියක වියදම රුපියල් ලක්ෂයයි : සභානායකගේ හෙලිදරව්ව කථානායක අනුමත කරයි

පාර්ලිමේන්තු පවත්වන දිනයකදී එක් විනාඩියක් සදහා රු. ලක්ෂයක මුදලක් වැයවන බවට සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී විශේෂ හෙළිදරව්වක් අද (23) කරන ලදී. සමගි ජන බලවේගය නියෝජනය කරන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම මුල්කොටගෙන අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ කටයුතු පසෙකට තල්ලු වී උණුසුම් මුහුණුවරක් ගත් අතර ඒ අවස්ථාවේ සභානායකවරයා මේ බව හෙළිදරව් කරන ලදී.

ඊට සුළු මොහොතකට පසු මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයාද සභානායකවරයාගේ අදහස අනුමත කරමින් මේ වන විටත් විනාඩි 40 ක පමණ කාලයක් අපතේ ගොස් ඇති බැවින් රුපියල් ලක්ෂ 40 ක පමණ මහජන මුදලක් නිකරුණේ වැය වී ඇති බවද සභාවට දැනුම් දෙන ලදී.

සභානායකවරයාගේ හෙළිදරව්වට අනුව පාර්ලිමේන්තු විවාදයක් පැයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ 60 ක පමණ මහජන බදු මුදලක් වැය වන අතර සාමාන්‍යයෙන් දිනකට පැය 8 ක විවාදයක් පැවැත්වීම සඳහා රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක මහජන මුදලක් වැය වන බව සනාථ වේ.

No comments:

Powered by Blogger.