Header Ads

Breaking News
recent

ජනතාවට ඇස්ට්‍රසෙනිකා එන්නත දීගන්න බැරි ආණ්ඩුව ඒ වෙනුවට ඇරෙස්ට් සෙනිකා පටන් අරන් - සජිත්

කොවිඩ් මර්දනය සඳහා ඇස්ට්‍රසෙනිකා එන්නත ජනතාවට ලබාදීමට නොහැකිව දඟළමින් සිටින ආණ්ඩුව ඒ වෙනුවට විපක්ෂය දඩයම් කරමින් ඇරෙස්ට් සෙනිකා ක්‍රමවේදයක් ක්‍රියාවට නංවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

"දැන් එන්නත් ලක්ෂ 12ක් ගෙන්නලා එයින් ලක්ෂ නවයකට පළවෙනි මාත්‍රාව දීලා දැන් දෙවැනි මාත්‍රාව දෙන්න බැරුව ආණ්ඩුව කරකියාගන්න දෙයක් නැතුව ඔබමොබ ඇවිදිමින් සිටිනවා. සම්පූර්ණයෙන්ම ආණ්ඩු ක්‍රමවේදය හිරවෙලා. නතරවෙලා. මොනම වැඩක්වත් කෙරෙන්නෙ නෑ. 

හැබැයි රටේ ජනතාවට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදෙනවා වෙනුවට රටේ ක්‍රියාත්මක වෙනවා ඇරෙස්ට් සෙනිකා ක්‍රමවේදය. අත් අඩංගුවට ගන්න එක නම් කරනවා. දැන් තමුන්නාන්සෙලා දන්නවා මේ ආණ්ඩුව සැලසුම් සහගතව විරුද්ධ පක්ෂය දඩයම් කරමින් සිටිනවා. හිරිහැර කරමින් සිටිනවා. පළිගැනීම් කරනවා. මර්දනය කරනවා. රාජ්‍ය භීෂණයක් අද ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ඇරෙස්ට්‍ සෙනිකා. ඇස්ට්‍රාසෙනිකා දෙන්නට ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඒ, එන්නත. දෙන්නෙ මොකක්ද, භීෂණය, මර්දනය, පීඩනය, මාධ්‍ය නිදහස නැතිකිරීම. දැන් අරුම පුදුම තත්වයක්, ආණ්ඩුව විවේචනය කරලා යම්කිසි යතාර්ථවාදී සත්‍යවාදී තදබල විවේචනයක් එල්ල වුණු හැටියේ ෆේස්බුක් පිටු තහනම් කරනවා. 

දැන් 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ මේවා කරගන්නද ? 68 ලක්ෂයක් මහමැතිවරණයේදී ඒ මහා වරම ලබාදුන්නෙ මේ වගේ දරදඬු පාලනයක් රට තුළ ක්‍රියාත්මක කරන්නද ? මං මතක් කරන්න කැමතියි භාෂණයේ නිදහස තියෙනවා, ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය මේ රටේ ජනතාව සතු අයිතියක්. ඒ අයිතිය අපි ආරක්ෂා කරන්නට ඕනෙ. හැමෝම හොඳින් මතක තියාගන්නට ඕනෙ අපේ රට ඒකාධිපති රටක් නොවෙයි, අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මම ඉගනගත්ත දේශපාලනය මිත්‍රවරුනි, දරදඬු දේශපාලනයක් නෙවෙයි ජනතාවගේ හිතසුව පිණිස ක්‍රියාත්මක වෙන සංවේදී සංවර්ධන රටාවක්. ජනතාවගේ දුකට පිහිට වන්නට ඕනෙ. ජනතාවගේ ගැටළුවට විසඳුම් ලබාදෙන්නට ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (25) හම්බන්තොට, කිරින්දේ පැවති 75 වැනි විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන අමතමිනි.

No comments:

Powered by Blogger.