Header Ads

Breaking News
recent

දුරාචාරය වර්ධනය කරවන්නැයි පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව සමස්ත කාන්තා වර්ගයාටම නින්දාවක් - ඕමල්පේ සෝභිත හිමි

‘දුරාචාරය වර්ධනය කරවන්න කියල මේ රටේ පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව සමස්ත කාන්තා වර්ගයාටම නින්දාවක්. සමස්ත කාන්තා සමාජයේම ගෞරවණිය බව කෙළසන්නියක්. සදාචාර ගරුක කාන්තාවන් මේ හඩට ප්‍රතිචාර දැක්විය යුතුයි’   යයි දක්ෂිණ ලංකවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් කීය.

උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ ඇඹීලිපිටිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ මාධ්‍යන් වෙත අදහස් දක්වමිනි.

උන් වහන්සේ වාඩිදුරටත් කියා සිටියේ,

‘ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය ජාතික සංස්කෘතියක් හා ගැටෙන එක් සංන්දිස්තානයක් අපි දැක්කා පාර්ලිමේන්තුව තුලින්. පාර්ලිමේන්තුවේදී කාන්තා කටහඩක් ඇහෙනවා ඒ කේදවාචකය සම්බන්ධයෙන්.

ඒ කාන්තා මන්ත්‍රීවරිය කියනවා මේ රටේ මිනිස්සු සල්ලි හම්බකරනවා බොහොම මහන්සිවෙලා. හුගක් රෑවෙනකම් රැකී රස්සා කරල සල්ලි හම්බකරල එළියට බැස්සට පස්සේ මිනිස්සුන්ට ඒ සල්ලි වියදම් කරන්න ක්‍රමවේදයක් නැහැ. මිනිසුස කැමතියි සල්ලි වියදම් කරන්න තැබෑරුම් වලට එහෙම නැත්නම් මධ්‍යසාර වලට . මේ මත්පැන් සල් ඇරල තියෙනවනම් මිනිසුසුන්ට ලොකු සාධාරණයක් වෙනවා. හම්බකරගත්ත සල්ලි වයදම් කරන්න හැකියාවක් ලැබෙනව කියනව.

මේ රට හදන්න කියල මහජනතාවගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට යන ඇත්තන්  මොන ලෝකේ ඉදල ආපු අයද. මේ අයට ඡන්දය දීපු මිනිස්සු ලැජ්ජාවට පත් වෙන්න ඕන. එදාවේල කන්න හොයාගන්න අමාරුවෙන් දෛණික ජීවිතය ගත කරන මේ රටේ බහුතර ජනතාවට සල්ලි වියදමු කරන්න ඕන තැන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සු දන්නවා තමන්ගේ බඩ වියත වෙනුවෙන් සල්ලි වියදම් කරගන්නා විදිය.

සල්ලි වියදම් කරන විදිය නවත්තන්න වෙනත් උපාය උපක්‍රම අවශ්‍ය වෙන්නේ නැහැ. සල්ලි වියදම් කරන එක කෙසේ වෙතත් මේ මන්ත්‍රීවරියගේ උපදේශයෙන් ජීවිතයම නවත්වන්න වෙන එක නම් සැකයක් නැහැ.

මේ සම්බන්ධයෙන් එක්කෙනෙක් දෙන්නේක් අදහස් දැක්වුවා. මේ මන්ත්‍රීවරිය කියන අදහස සියලුම දෙනා පිළිගන්නවද කියන එක අපි අහනව.

මධ්‍යම රාත්‍රීවනතෙක් තැබෑරුම් අරින්න මධ්‍ය පානය සදහා අවස්ථාව සලස්වන්න,  සහ තවක් කාරණා රාශියක් අපේ සංස්කෘතියට නොගැලපෙන කාරණා රාශියක් ඉෂ්ඨ කරන්න කියන එක තමයි ඇය කියන්නේ. මේ රටට ආදරේ මේ රටේ අභිවෘර්ධිය තකා වැඩ කරන පිරිස උත්සාහ ගන්නේ තැබෑරුම් වසා දමන්න. තැබෑරුම් වසා දමන්න රටට ආදරේ කරන ගිහි පැවිදි පිරිස උත්සාහ ගනිද්දී මන්ත්‍රීවරියක් කියනවා තැබෑරුම් ඇරල තියන කාලය දික් කරන්න කියල.

රට හදන්න යන අය රට විනාශ මුඛයට ඇදගෙන යන ආකාරයට අපට ඉතාමත් පැහැදිලිවනවා. අවාසනාව මෙවන් දුරාචාරයේ හඩක් කාන්තා මුවකින් ඇසෙන්නට ලැබීමට සැලැස්වීම. මත්පැන් නිසා බරපතල ලෙසම විපාක විදින්නේ ගෘහනිය. පිරිමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනාට පස්සේ ඒ පිරිමියා කරන සෑම විකාර  මන්දබුද්ධික උමතු විකාර වැඩ වලදී වැඩිපුරම වේදනා විදින්නේ කාන්තාව. ඒ නිසා කාන්තාව තමයි මධ්‍යසාර පාවිච්චියේ බරපතලම තත්වය දන්න අය.

මේ මන්ත්‍රීවරිය ඇතුලු දේශපාලඥයෝ ඉන්නවා අංශභාගය හැදුනු අය. මේ අය කතා කරන්නේ මධ්‍යසාර වලින් ලැබෙන ලාභය පමණයි. මධ්‍යසාර පාවිච්චිය නිසා සිදුවන අලාභය ගණනය කරනවද මේ අය. මධ්‍යසාර නිසා රජයට ලැබෙන බදු ආදායමට වඩා කෝටි සියයකට වඩා වියදම් වනවා මධ්‍යසාර වලින් සිදු වන විපත් වලට.

රෝගී වීම පවුල් ආරවුල් ඇති වීම, අනතුරු සිදුවීම, හොර මැරකම් වැඩිවීම එපමණතකුත් නෙවෙයි සමාජයේ දුරාචාර පැතිරීම යන්න ප්‍රදානතම වගකීම මේ මධ්‍ය සාර සතුයි. මධයසාර වලින් ලැබෙන ආධායම විතරක් නෙවෙයි මධ්‍යසාර වලින් සිදුවන විපත ගණනය කරන්නේ නැද්ද මේ අය. රටේ ආර්ථික සංවර්ධනය ගැන කතා කරන අය අනවශ්‍ය වියහියදම් කපා හරින්න උත්සාහ ගන්නේ නැද්ද මේ අය.

මධ්‍යසාර හේතුවෙන් සෞඛ්‍ය අශය වෙනුවෙන් මොනතරම් වියදමක් අලාභයක් සිදුවනවාද. මේ වා මේ අයට තේරෙන්නේ නැත්තේ මහජන නියෝජිතයන්ට අංශභාගය වැලදී තියෙන නිසාද?

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

No comments:

Powered by Blogger.