Header Ads

Breaking News
recent

එන්නත් කලින්ම ඇණවුම් කරන්න කියද්දි අපිට අපහාස කළා... දැන් දෙවනි මාත්‍රාවත් නෑ - රාජිත සේනාරත්න

ලොව විවිධ රටවල එන්නත් නිෂ්පාදනය කළද ඒ සඳහා දැඩි ඉල්ලුමක් තිබෙන හෙයින් කලින්ම එන්නත් ඇණවුම් කරන්නැයි එදා විපක්ෂ පෙන්වා දෙනවිට ආණ්ඩුව එය ගණන් නොගත් බවත් එපමණක් නොව එවැනි යෝජනා උපහාසයට ලක්කළ බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

කෙසේ නමුත් අද වනවිට එන්නත් ආනයනය කිරීමේ දැවැන්ත අර්බුදයකට ආණ්ඩුව මුහුණ දී සිටින බවත්, ජනතාවට සිය ජීවිතයෙන් ඊට වන්දි ගෙවීමට සිදුව ඇති බවත් සේනාරත්න මහතා පවසනවා.

රටේ සමස්ත ජනතාවගෙන් 130,000 කටවත් අවම වශයෙන් එන්නත් ලබාදිය යුතු නමුත්, දැන් ලොවපුරා පැතිර යන විවිධ වෛරස ප්‍රභේද හේතුවෙන් රටේ සමස්ත ජනතාවටම එන්නත් ලබාදිය යුතු මට්ටමට තත්වය බැරෑරුම් වී ඇති බවයි රාජිත සේනාරත්න මහතා පවසන්නේ. කෙසේ නමුත් එන්නත් හඳුන්වා දී මාස ගණනාවක් ගතවී ඇතත් තවමත් රටට ගෙන්වා ගැනීමට හැකි වී තිබෙන්නේ එන්නත් මාත්‍රා මිලියන 1.2 ක් පමණක් බවත් සේනාරත්න මහතා පවසනවා.

වසංගතයට එකම විසඳුම එන්නත්කරණය බව ජනාධිපතිවරයා මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සිටියද දැනට පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලබාදීමට හෝ ප්‍රමාණවත් එන්නත් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කොවිඩ් ඇතුළු රටේ සියලු අර්බුදවලට විසඳුම ලෙස දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් එවැනි අත්අඩංගුවට ගැනීම් හරහා ජනතාව චූන් කිරීමෙන් සියලු අර්බුද විසඳා ගත හැකි යැයි ආණ්ඩුව සිතා සිටින බවද රාජිත සේනාරත්න මහතා පවසනවා.

No comments:

Powered by Blogger.