Header Ads

Breaking News
recent

හරින් ප‍්‍රනාන්දු ත‍්‍රස්ත විරෝධී පනතින් අත්අඩංගුවට ගෙන වසර එකහමාරක් රදවාගෙන ප‍්‍රශ්න කරන්න සූදානමක් !

මගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ සිදුකරන ලද ප්‍රකාශයක් මත ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන වසර එකහමාරක් දක්වා රැඳවුම් නියෝග ලබා ගත හැකි බවත් ආණ්ඩුව සූදානම් වන්නේ ඒ සදහා බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එසේ ලබාගන්නා රැඳවුම් නියෝගයක් සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක ප්‍රශ්න කිරීමට හැකියාවක් පවා නොමැති බවද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ නවලෝක රෝහලේ නේවාසිකව සිටින හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් බැලීම සඳහා එහි ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

පාස්කු ප‍්‍රහාරය ගැන තමන් දන්නා තොරතුරු හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා පොලිසිය වෙත හෙලි නොකරන්නේ මන්දරයි ඇතැමුන් ප‍්‍රශ්න කලද අද ඔහු රෝහල්ගත සිටින්නේ මෙම තත්වය නිසා බවද මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.

No comments:

Powered by Blogger.