Monday, March 17 2025

Header Ads

Breaking News
  

ධම්මික පැණියේ පරීක්ෂණ ප්‍රතිඵල ළඟදීම – රජරට විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨය

කොවිඩ් වයිරසයට ප්‍රතිකාරයක් බව කියමින් කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදනය කරන ලද පැණිය සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රතිඵල මෙම මස අවසානයට පෙර නිකුත් කිරීමට හැකි වනු ඇතැයි රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආරංචි මාර්ග පැවසීය.

කොවිඩ් ආසාදිත රෝගීන් 128 දෙනකු යොදා ගනිමින් මෙම පරීක්ෂණය පැවැත්වීමට වෛද්‍ය පීඨය කලින් තීරණය කර තිබූ නමුත් පරීක්ෂණයට කැමැති රෝගීන් සොයා ගැනීමේ අපහසුතාව මත රෝගීන් 68 දෙනකු සම්බන්ධ කර ගනිමින් පරීක්ෂණය පැවැත්වීමට තීරණය කළ බව එම ආරංචි මාර්ග කීවේය.

එම රෝගීන්ගේ දත්ත වාර්තා මහාචාර්යවරු දෙදෙනකු ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවකට ඉදිරිපත් කර තිබේ. රෝගීන්ගේ දත්ත විශ්ලේෂණය කර පැ ණිය සාර්ථක ප්‍රතිකර්මයක් ද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ එම කමිටුවෙනි.

පැ ණිය සම්බන්ධයෙන් තීරණයකට එළඹීම සඳහා 68 දෙනාගේ දත්ත ප්‍රමාණවත් නොවන බව දැනුම් දුනහොත් ඉතිරි රෝගීන් පිරිසට පැණිය ලබා දීමේ කටයුතු ආරම්භ කිරීමට සිදු වන බවත් ඉහත ආරංචි මාර්ග කීවේය.

මෙම පැ ණිය සායනික පරීක්ෂණයට යොමු කිරීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඖෂධ කමිටුවේ අනුමැතිය ලැබී තිබිණි.

(අරුණ පුවත්පත අප්‍රේල් 20)

Leave a Comment

Powered by Blogger.