Header Ads

Breaking News
recent

හරීන් බලන්න රනිලුත් නවලෝකෙට ගිහින් - අත්අඩංගුවට ගන්න සූදානම් බවත් කියයි - (video)

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් දියත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ කොට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට ප්‍රථමයෙන් උත්සහ කළ බවත් දැන් එය වෙනස් කොට හරින් ප්‍රනාන්දු මහතා අමාත්‍ය ධූරය දැරූ ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ සිද්ධියක් මුල් කොටගෙන අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවද එජාප නායකයා හෙළිදරව් කරයි.

එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය වගකීම් ඉටුකිරීම වැලැක්වීමට ගන්නා පියවරක් ලෙස පෙන්වා දෙන එජාප නායකයා පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ඩිජිටල් අමාත්‍යාංශ සිද්ධිය යන එකිනෙකට පරස්පර කාරණා දෙකක් පටලවා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට යෑම වැරැද්දක් බවද එජාප නායකයා වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නායකයා මේ කරුණු හෙළිදරව් කළේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට රෝහලට ගොස් පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බවත් ඒ සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ගියහොත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇප ලබා ගත නොහැකි ආකාරයට බන්ධනාගාරගත කිරීමට සූදානමින් සිටින බවට සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් ආණ්ඩුවට චෝදනා කරයි.

හරින් ප්‍රනන්දු මන්ත්‍රීවරයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටී.

No comments:

Powered by Blogger.