Header Ads

Breaking News
recent

විමල්ලාට අද දුන් පක්ෂ නායක රැස්වීමටත් 50කට ආරාධනා කරලා EXCLUSIVE

පසුගියදා පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම වර්ජනය කිරීම හේතුකොටගෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට ලබා දුන් විශේෂ පක්ෂ නායක රැස්වීමටද 50 දෙනකුට ආරාධනා කොට ඇති බව දැනගන්නට ඇත. මෙම පක්ෂ නායක රැස්වීම අද (04) දින අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මීට පෙර පැවැති පක්ෂ නායක රැස්වීමට 51 දෙනකුට ආරාධනා කිරීම හේතුවෙන් එම පක්ෂ නායක රැස්වීම වර්ජනය කළ විමල් වීරවංශ ඇතුලු කණ්ඩායම ආණ්ඩුවේ පක්ෂ 14 පමණක් සහභාගී වන පක්ෂ නායක රැස්වීමක් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව අද දිනට එම පක්ෂ නායක රැස්වීම සදහා දින ලබා දුන් අතර ඊටද 51 දෙනකුට ආරාධනා කිරීම විශේෂ සිදුවීමකි.

කෙසේවෙතත් මේ තත්ත්වය මත විමල් කණ්ඩායම නැවත වතාවක් මෙම පක්ෂ නායක රැස්වීම වර්ජනය කිරීමට ඇති ඉඩකඩ බොහෝය.

No comments:

Powered by Blogger.