Header Ads

Breaking News
recent

ඉදිරි දිනවල දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වේවි.. වසංගතය පාලනයෙන් ගිලිහේවි - සුදර්ශිනී

කොරෝනා පාලනය සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ජනතාව විනයකින් තොරව තවදුරටත් කටයුතු කරන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වීමේ අවදානමක් ඇතැයි කොරෝනා රෝග පාලන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

මේ වන විට දිනකදී වාර්තා වන ආසාදිත පුද්ගලයෙකු තවත් හතර දෙනෙකුට වෛරසය ව්‍යාප්ත කළහොත් හා ජනතාව වෛරසය ව්‍යාප්තිය ගැන නොසැලකිලිමත් වුවහොත් මෙම ඉලක්කම් වාර්තා වනු ඇතැයිද ඇමැතිවරිය කියා සිටියාය.

කෙසේ වෙතත් වෛරය පාලනය කිරීමට රට තුළ තවමත් හැකියාව ඇති බවද පැවසූ ඇය ජනතාව ස්වයං විනයකින් තොරව කටයුතු කරන්නේ නම් ඉදිරි සතිය දෙක ඇතුළත එය ගිලිහී යනු ඇතැයිද කියා සිටියාය.

අත්‍යවශ්‍යම කරුණකට හැර නිවසෙන් බැහැරව නොයන්නැයි ද ඉල්ලා සිටි ඇය නිවසින් බැහැරට යන්නේ නම් අනිවාර්යෙන්ම මුව ආවරණ නිසි ලෙස පළදින ලෙසද ඉල්ලා සිටියාය.

දුරස්ථ භාවය රැක ගන්නා ලෙසත්, ජනතාව රැස්වන ස්ථානයන්ට නොයන ලෙසත් පැවසූ ඇය මෙවන් සරල ක්‍රියාමාර්ග මගින් වෛරස ආසාදනයෙන් වැළකී සිටිය හැකි යැයිද කියා සිටියාය.

No comments:

Powered by Blogger.