Header Ads

Breaking News
recent

පොහොට්ටු මන්ත්‍රීවරුන් 9ක් දුරකථනය සමග ඇයි හොඳයියක - ස.ජ.බ මන්ත්‍රී තහවුරු කරයි

පාලක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සමගි ජන බලවේගය සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කරන බව දේශපාලන ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

එහෙත් ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව අදහසක් මෙම මන්ත්‍රීවරුන් තුළ නොමැති බවද දැනගන්නට තිබේ.

මෙම 9 දෙනාම මේ වන විට හුදෙක්ම මන්ත්‍රී ධුරවලට පමණක් සීමා කොට ඇති පැවති ආණ්ඩුවල ඇමැති, නියෝජ්‍ය ඇමැති ධුර දැරූ අය බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල, බදුල්ල මෙන්ම මධ්‍යම පළාතේ දිස්ත්‍රික්කයක් නියෝජනය කරන මන්ත්‍රීවරු සිටින බවද දැනගන්නට තිබේ.

යම් අවස්ථාවක බැසිල් රාජපක්ෂ පාර්ශවය හා විකල්ප 12 කණ්ඩායම අතර තීරණාත්මක අවස්ථාවක් එනතුරු මෙම පිරිසද නිහඬවම ආණ්ඩුව තුළ රැඳී සිටීමට බලාපොරොත්තු වේ.

මෙම පිරිස ආණ්ඩුවේ වැඩ කටයුතු වලට අවම දායකත්වයක් දක්වන අතර හැකිතාක් දුරට නිහඬ පිළිවෙතක් මේ වන විට අනුගමනය කරමින් සිටී.

ඒ අතර මේ පිරිසෙන් ඇතමෙක් සමහර අවස්ථාවල ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින අවස්ථාද තිබේ.

මීට සති කිහිපයකට පෙර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානයක්කාර මහතා සමග ඒෂියන් මිරර් කළ සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මෙම කරුණ තහවුරු කරමින් ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණේ සැලකිය යුතු පිරිසක් මෙම පාර්ශවය සමඟ සාකච්ඡා පවත්වන බවය.

හැකි ඉක්මනින් ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස එම පිරිස මෙම පාර්ශවයට දැනුම් දී ඇති බවද එම සාකච්ඡාවේදී නානායක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

No comments:

Powered by Blogger.