Header Ads

Breaking News
recent

පිලියන්දල ලොක්ඩවුන් ඉවත් කරන්න කීවේ මමයි.. හෙට යලි දැම්මොත් මං යලි මැදිහත් වෙනවා - ලොකුගේ

පිලියන්දල ලොක්ඩවුන් සීමා ඉවත් කරන ලද්දේ තමන්ගේ ඉල්ලීම අනුව බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. නැවත මෙවැන්නක් සිදු වුවහොත් තමන් මැදිහත් වන බව ද ඒ මහතා පැවසීය.

පිලියන්දල අනතුරුදායක නැති බවත් මේ සම්බන්ධයෙන් තමන් හමුදාපතිට හා බුද්ධි අංශවලට කතා කළ බවද ඒ මහතා කියා සිටියි.

කැස්බෑව ප්‍රධාන වෛද්‍ය නිලධාරියා දේශපාලන පක්ෂවලට වාසි සහගත ලෙස නිවේදන නිකුත් කරන බව ද ඇමැතිවරයා චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

තම කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට හා තම බෑණාටද වෛරසය ආසාදනය වී ඇතැයිද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

No comments:

Powered by Blogger.