මානසිකව වැටිලා - රන්ජන් හිරේදී සියදිවා නසාගන්න යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක රඳවා සිටින අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ.
සිර දඬුවම් ලැබීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා දැඩි මානසික කඩා වැටීමට ලක්ව ඇතැයි සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වෙමින් ඇත.
මේ තත්ත්වය මත කෙසේ හෝ ජනාධිපතිවරයාගෙන් ජනාදිපති සමාව ඉල්ලා දෙන්නයි ඔහු විසින් කරන ලද ඉල්ලීමක් අනුව විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා සමග ඒ පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ජනාධිපතිවරයා එහිදී කරන ලද දැන්වීම අනුව රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව ඉල්ලා තම අත්සනින් යුතු ලිපියක් සජිත් ප්‍රේමදාස මහතාට භාරදී තිබේ.
නමුත් මෙතෙක් එම ලිපිය ජනාධිපතිට ලැබී නැතැයි ද වාර්තා වෙයි.
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත රන්ජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාට වසර 04ක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර තිබේ.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments: