Header Ads

Breaking News
recent

ඉන්දියාවේ ලොක්ඩවුන් සීමා මැද දහස් ගණනක් සහභාගි වූ අවමංගල උත්සවයක් !

මේ දිනවල සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබෙන්නේ ඉන්දියාව දෙසටයි. ඒ එරට තුළ දිනෙන් දිනම වාර්තා පිට වාර්තා තබ‍මින් කොවිඩ් වසංගතය පැතිර යාම හේතුවෙනි. වසංගත තත්වය ඉහළ යාම සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුවට බරපතල ‍චෝදනා එල්ල වන අතර පසුගිය මාසයේ ඉන්දියාවේ පැවති ආගමික උත්සව පැවැත්වීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ කිසිවක් අනුගමනය නොකළ බවටද චෝදනා එල්ල වෙනවා.

මේ නිසා ඉන්දියාවේ ප්‍රාන්ත සැළකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට වසාදමා තිබෙනවා.

එසේ තිබියදී දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවති අවමංගල උත්සවයක් පිලිබඳව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ. එම ප්‍රාන්තයද හුදෙකලා කර ඇති අතර එසේ තිබියදී ජ්‍යෙෂ්ට ඉස්ලාම් පූජකයෙකුගේ අවංගල උත්සවය කිසිදු සෞඛ්‍ය නීතියක් අනුගමනය නොකරමින් පවත්වා තිබේ.

කාසි හස්රත් අබ්දුල් මොහමඩ් සලිමුල් කද්රි නමැති ඉස්ලාම් පූජකයා පසුගිය ඉරිදා දහවල් මියගොස් ඇති අතර ඉන්පසුව දහස් ගණන් ඉස්ලාම් ආගමිකයන් එම පූජකයාගේ අවමංගල උත්සවය සඳහා සහභාගි වී තිබේ.

ඔහු ප්‍රජාව තුළ වඩාත් ගෞරවයට පත්වූ අයෙකු නිසා මිනිසුන් ඒකරාශී වී ඇති බවත්, ඇඳිරි නීතිය, පොලිස් බාධක හා මුරපොලවල් තිබියදීත් මිනිසුන් මෙම අවමංගල්‍යයට සහභාගී වී ඇති බවත් සඳහන් වෙයි. ඒ අනුව මෙම අවස්ථාවේදී බලධාරීන්ද වගකීම් පැහැර හරමින් කටයුතු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති නමුත් මේ දක්වා කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.



No comments:

Powered by Blogger.