Header Ads

Breaking News
recent

වැඩිහිටි කාන්තාවකගේ ඇසුරට මුදල් සොයන්න කෙසෙල් කැන් කැපු පාසැල් සිසුන්

වැඩිහිටි කාන්තාවන්ගේ ඇසුරට ලොල් වූ පාසල් සිසුන් දෙදෙනකු ඒ සඳහා මුදල් සොයා ගැනීමට ගම්පොළ උලපනේ ප‍්‍රදේශයෙන් කෙසෙල් කැන් 30 ක් හොරට කපා විකුණා තිබියදී ගම්පොළ පොලිසිය මගින් එම සිසුන්  ගම්පොළ දිසා විනිසුරු ශ‍්‍රීනිත් විජේසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමේදී එක් අයකුට රුපියල් දස දහස බැගින් ශරීර ඇප සමග දැඩි ඇප කොන්දේසි ඉදිරිපත් කරනු ලැබීය.

උලපනේ පහේ කල්ලිය නමින් හඳුන්වා ඇති මෙම සිසු කණ්ඩායම ගම්පොළ නගරයේ ප‍්‍රසිද්ධ ජාතික පාසලක 11 වසර පන්තියේ ඉගෙනුම ලැබූවන් බව පොලිසිය පවසයි.

මොවුන් තදින්ම මත් පෙතිවලට හුරු වී ඇති බවද මත් පෙති භාවිතයෙන් පසු වැඩිහිටි කාන්තාවන්ගේ ඇසුරට යෑම පිළිබඳවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

ගම්පොළ ඇත්ගාල ප‍්‍රදේශයේ සිටින මෙම කාන්තාවන් සොයා බාලවයස්කරුවෝ වරදට පොළඹවා ගැනීම පිළිබඳව නීතිමය කටයුතු කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.

මෙම සිසුන් හොරට කැපූ කෙසෙල් කැන් අතර රුවන්වැලි සෑයේ කිරි ආහාර පූජාව වෙනුවෙන් වෙන් කොට තිබූ කෙසෙල් කැනක්ද තිබූ බව අයිතිකරුවන් පොලිසියට පවසා තිබේ.

No comments:

Powered by Blogger.