Header Ads

Breaking News
recent

ලංකාවම දින 60කින් එන්නත් කර අවසන්..

 
මෙරට කොරෝනා එන්නත් ලබාදීම සඳහා ලයිස්තු ගත කර සිටින ලක්ෂ 135ක් වන ජනතාවට එම එන්නත් වල පළමු මාත්‍රාව තවත් මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත ලබා දී අවසන් කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබේ.

දැනට රට පුරාම එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර පළමුවෙන්ම බස්නාහිර පළාතේ එන්නත්කරණය අවසන් කර ඉන්පසු මධ්‍යම පළාත තුළ ද අවසන් කිරීමට නියමිතය.

ඒ සමඟ සෙසු පළාත් වලද එන්නත් කරන වැඩසටහන් කඩිනමින් අවසන් කිරීමට තීරණය වී තිබේ.

මාත්‍රා දෙකම ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග මිලට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි මෙහිදී සාකච්ඡාවට ගෙන තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කැබිනඩ් හමුව ඊයේ පස්වරුවේ අන්තර්ජාලය ඔස්සේ පැවැත්වින.

No comments:

Powered by Blogger.