Header Ads

Breaking News
recent

සුදේව සහ කිංස්ලි සමග ජනපති පාර්ලිමේන්තුවට එයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ සිය නව මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි සහ නව මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක කැටුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටීමය.

අද දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන බව මීට පෙර දැනුම් දීමක්ද කර තිබිණ.

ඒ, අද දින පැවැත්වීමට නියමිතව තිබූ පෝට් සිටි කෙටුම්පත සම්බන්ධ විවාදයට සහභාගීී වීම සදහාය.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලබා දීම පමා වීම හේතුවෙන් අදාළ විවාදය ලබන 19 දක්වා කල්තැබීමට පියවර ගෙන තිබිණ.

No comments:

Powered by Blogger.