Header Ads

Breaking News
recent

රටවල් රැසක් ලංකාවට දොරටු වසයි

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර තිබේ.
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව මැලේසියාව හා මාලදිවයිනය ද මෙරට මගී ගුවන් යානා ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කළ කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ගොඩබැසීමට ඉඩ නොදීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගියදා සඳහන් කළේය. සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ උපදෙස්  පරිදි මෙරටට පැමිණෙන ගුවන් සමාගම්වලට ඒ බව දැනුම් දී තිබේ.

No comments:

Powered by Blogger.