චීන එන්නත අනුමත කලේ ජනාධිපති ගෝටාභය සමග සාකච්චාව අනුව නොවේ.. එය අසත්‍යයි..- ලෝක සෞඛ්‍ය සංවිධානය
චීනයේ සයිනොෆාම් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරණ ලද්දේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව බවට වන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
ඩේලි මිරර් පුවත්පත විසින් කල විමසීමකට පිළිතුරු දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කර ඇත්තේ එන්නත් ලයිස්තුගත කිරීම සාමාන්‍යයෙන් ක්‍රමවේදය අනුව මාස දෙක තුනක කාලයක් ගතවන බවයි.
සුදුසුකම් ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් ඔවුන් සඳහන් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵල අනුව මෙම එන්නත අනුමත කරන ලද බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ දිනය සඳහන් කරන ලදී.
ඒ සම්බන්ධයෙන් පුවත්පත විසින් සිදුකරන ලද විමසීමකදී ඔවුන් මෙම ප්‍රතිචාර දැක්වීම සිදු කර ඇත.
කෙසේ වෙතත් මෙම සියලුම එන්නත් හදිසි භාවිතයට අවසර ලබා දී ඇත්තේ එම රටවල් වල අභිමතය අනුව මිස ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතියට යටත්ව නොවන බවද ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත.

No comments: