Header Ads

Breaking News
recent

මිත්‍යාවට වහල් වෙන්න එපා.පැණි බෙහෙත්වලින් හරි පිරිත් ශ්ලොකවලින් හරි කොවිඩ් නවත්වන්න බැහැ - විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක

පැණි බෙහෙත්වලින් හෝ ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය විද්‍යාව එකතු කර කොවිඩ් 19 සඳහා ඖෂධ නිපදවිය නොහැකි අතර එමෙන්ම  පිරිත් හෝ ශ්ලොකවලින්  කොවිඩ් නැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජික කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ උපුල් දිසානායක මහතා අවධාරණය කළේය.

උපුල් දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

එවැනි මිත්‍යාවලින් මේ රෝගය සුවකළ හැකිනම් මේ වනවිට බොහෝ රටවල මෙය පාලනය වී තිබිය යුතු බවයි දිසානායක මහතා පැවසුවේ.

මිත්‍යාව පසුපස ගොස් එම අපරාධයට හවුල් නොවන ලෙසත් මේ රෝගයෙන් ගැලවීමට ඇති මාර්ගය වන්නේ සමාජ දුරස්ථතාවය තබාගැනීම,මුව වැසුම් භාවිතය මෙන්ම ඇත සේදීම බව හෙතෙම පෙන්වාදුන්නේය. 

එමෙන්ම ලැබෙන එන්නත ගැනීමද මේ රෝගය වැළදීමෙන් වැළකී සිටිය හැක බවද දිසානායක මහතා කියාසිටින ලදී. 

මේ අතර ඉදිරි සති දෙකක පමණ කාලයක් යන විට දෛනික ආසාදිතයින් 6000ක් පමණ වාර්තා විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙවැනි තත්ත්වයකදී සියලු කාරණා සලකා බැලීමකින් තොරව රට වසා දැමීමට කතා කිරීම නොව කළ යුත්තේ තම තමන්ගේ මුහුණ සහ කට නිවැරදිව වසා ගැනීම බව දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

No comments:

Powered by Blogger.