Header Ads

Breaking News
recent

රන්ජන් සියදිවි නසා ගැනීමේ උත්සාහය ගැන බන්ධනාර මාධ්‍ය ප‍්‍රකාශක පහදයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසාගැනීමට තැත් කිරීමක් සිදුව නැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

ඔහු දැනට රඳවා සිටින බන්ධනාගාරයේ දී සියදිවි නසාගැනීමට තැත් කළේ යැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද ඔහු කියා සිටියේය.

රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ සමාජ ජාල ගිණුමේද සඳහන් කර ඇත්තේ එම පුවත අසත්‍යයක් බවයි.

කෙසේ වෙතත් රාමනයක හිටපු මන්ත‍්‍රීවරයා ගැන සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පවසා ඇත්තේ ඔහු සිරගෙදර දී සිය සිය දිවි නසා ගැනීමට තරම් මානසිකත්වයකට පත් ව තිබෙන බවයි.

No comments:

Powered by Blogger.