Header Ads

Breaking News
recent

ලංකාවේ අද වාර්තා වන්නේ මසකට පෙර ආසාදිත වූවන්ගේ මරණයි.. අද ආසාදිතයන්ගේ මරණ මාසයකින්.. එම සංඛ්‍යා ඉතා බියකරුයි..

පවතින තත්වය හමුවේ රට වහාම ලොක්ඩවුන් කිරීමකට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සමග පැවති සාකච්ඡාවේ දී පෙන්වා දුන් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ දැනට ශ්‍රි ලංකාව තුල ව්‍යාප්ත වෙමින් ඇති බි‍්‍රතාන්‍ය වෛරස් ප්‍රභේදය ඉතාම වේගවත් බවත් ආසාදිතයකු හඳුනා ගන්නා විට ඔහු තව බොහෝ අයට එය බෝ කිරීමක් සිදුකර ඇති බවත්ය.

අද දවසේ වාර්තාවන ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව හරියටම මීට මාසයකට කලින් වෛරසය ආසාදිත වූවන්ගේ බවද පවසන ඇය ඒ අනුව අද දවසේ ආසාදනය වන පුද්ගලයන් සහ මරණ සංඛ්‍යාව දැනගත හැකිවනු ඇත්තේ තවත් මාසයකින් බවද කියා සිටියාය.

එම සංඛ්‍යාවන් මීට වඩා බොහෝ ඉහල යනු ඇතැයි ද ඇය අනතුරු හැගවූවාය.

කොතරම් වේගයෙන් එන්නත් කරණය කළ ද එමගින් ‍ප‍්‍රතිශක්තිකරණය ප්‍රමාණවත් තරමට උපදවා ගැනීමට තවත් මාස තුනක පමණ කාලයක් වත් ගතවනු ඇතැයි පැවසූ ඇය පවතින මූලික ගැටළුවට විසඳුම එන්නත්කරණය නොවන බවද පැවසීය.

එනිසා පවතින තත්වය යටතේ ඉතාම දැඩි සංචරන සීමා පැනවිය පැනවීම අත්‍යවශ්‍ය බවද තම සංගමයෙන් ජනාධිපතිතුමන්ට පෙන්වා දුන් බවද ඇය කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

No comments:

Powered by Blogger.