Header Ads

Breaking News
recent

ඌරු ජුවත් පොලිස් වෙඩිකා මරුදකියි (Photos)

මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, සංවිධානාත්මක අපරාධ ගණනාවකට සම්බන්ධ නවගමුවේ පදිංචි මෙලන් මාඹුල නොහොත් උරු ජුවා නැමැත්තා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

එම සැකකරු බියගම ප්‍රදේශයේ ආපන ශාලාවක ආහාර ගනිමින් සිටින බවට ලද තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී නවගමුව වඳුරාමුල ප්‍රදේශයේ නිවසක අවිආයුධ රැසක් තිබෙන බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඔහුගේ පෙන්වීම මත ටී 56 උණ්ඩ දැමිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්, තියුණු ආයුධ 5 ක්, නයින් එම්. එම්. ජීව උන්ඩ 6 ක් හා ටී 56 ජීව උන්ඩ තිස් අටක්, මෙන්ම  අත් බෝම්බ හයක් පොලිසිය බාරයට ගෙන ඇත.

වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී දැඩිගමුවේ නිවසක අත් බෝම්බ කීපයක් සඟවා තිබෙන බවට කළ අනාවරණයකට අනුව සැකකරු දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවසට රැගෙන ගොස් එම බෝම්බ තුන පොලිස් බාරයට ගැනීමෙන් අනතුරුව සැකකරු එකවරම එම නිවසේ වෙනත් ස්ථානයකට ගොස් සඟවා තිබූ අත්බෝම්බයක් ගෙන එහි පින් එක ගලවා පොලිස් නිලධාරීන් දෙසට දමා ගැසීමට යාමේදී පොලිස් නිලධාරීයකු ක්ෂණිකව එල්ල කළ වෙඩි පහරකින් සැකකරු බරපතළ තුවාල ලැබූ බව පොලිසිය කියයි. 

තුවාල ලැබූ සැකකරු නවගමුව රෝහලට රැගෙන ගිය බවත්, රැගෙන යනවිට ද ඔහු මියගොස් සිටි බවත් පැවසේ.

ඔහුගේ මෘත ශරීරය නවගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි වාර්තා වේ.

එම සිද්ධියෙදී පොලිසීය විසින් වෙඩි තබා බලය භාවිත කර ඇති බවත්, නවගමු පොලීසිය පරික්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටී.



No comments:

Powered by Blogger.