Header Ads

Breaking News
recent

පිලියන්දල ලොක්ඩවුන් කලාම දේශපාලඥයන් කිහිප දෙනෙකු මට ඇමතුම් දුන්නා..- හමුදාපති

පිලියන්දල පොලිස් වසම හුදකලා කිරීමට තීරණය කළ පසුව විවිධ පාර්ශ්ව තමනට දුරකථන ඇමතුම් ගණනාවක් ලබා දුන් බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

විශේෂයෙන් ජනතා නියෝජිතයන් විශාල පිරිසක් දුරකථන ඇමතුම් ලබා දෙමින් පෙන්වා දුන්නේ පොලිස් පිළියන්දල පොලිස් වසම හුදෙකලා කිරීම හදිසියේ තීරණය කිරීම හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු අඩපණ වී ඔවුන් අපහසුතාවයට පත්වන බව යයිද ඔහු පැවසීය.

පසුව ප්‍රාදේශීය දේශපාලන නායකයින් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව දැනගන්නට ලැබුණු බවද හමුදාපතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ නාලිකාව සමග ඊයේ පැවති 360 සාකච්ඡාවට එක්වෙමිනි.

No comments:

Powered by Blogger.