Header Ads

Breaking News
recent

දිස්ත‍්‍රික් හෝ පලාත් කිහිපයක් වසා දමන්න සූදානම්..- GL

පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික් කිහිපයක් හෝ පළාත් කිහිපයක් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මහතා සඳහන් කරයි.

රජය කිසිම ක්‍රියාමාර්ගයක් සහමුලින්ම ප්‍රතික්ෂේප නොකරන බවද ඔහු පවසයි.

කොරෝනා ව්‍යාප්තිය දිනෙන් දින වෙනස් වන තත්වයක් නිසා වසංගතය පාලනය කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලබන බවද ඔහු සඳහන් කළේය.

වර්ධනය වන තත්ත්වයන් සලකා බලා ඒ අනුව අවශ්‍ය තීරණ ගන්නා බව ද ඔහු පැවසීය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

No comments:

Powered by Blogger.