Header Ads

Breaking News
recent

දෛනික ආසාදිතයන් 6000 පනීවි..- ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් හෙලි කරයි..

තවත් සති දෙකකින් පමණ මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් 6000 දක්වා වැඩි වි වෙනු ඇතැයි විශ්වාස කළ හැකි යයි කොළඹ ජාතික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ උපුල් දිසානායක මහතා සඳහන් කරයි.

දැනට ආසාදිතයන් හමුවන්නේ සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය අනුව බවත් පරීක්ෂණ සිදු නොකර සමාජයේ සිටින ආසාදිතයන් ප්‍රමාණයද දැනට හමුවන ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ විය හැකිද තමන් විශ්වාස කරන බවත් ඔහු පැවසීය.

ඇතැම් අවස්ථාවන් වල සිදුකරන පරීක්ෂණ වලින් සියයට විස්සක් විසිපහක් පමණ ආසාදිත වන හමුවන අවස්ථාව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඉදිරියේදී වාර්තා වන ආසාදිතයන් ගෙන් වැඩි ප්‍රමාණයක් රෝහල්ගත වීමට අවශ්‍ය නොවනු ඇති නමුත් ඉන් 17% වැනි ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍ය වනු ඇතැයිද ඔහු පැවසීය.

විශාල ආසාදිත පිරිසකගෙන් 17%ක් යනු විශාල ප්‍රමාණයක් බවත් ඒ නිසා රෝහල් ධාරිතාව ඉක්මවා යන ඇති බවත් ඔහු කියා සිටී.

මේ පිළිබඳව රජය විසින් පියවර ගත යුතු නමුත් රෝගීන් ප්‍රමාණය වැඩි කර නොගැනීමට සමාජයීය වශයෙන් සියලු දෙනාටම වගකීමක් ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

රට වසා දැමීමට වඩා තම මුහුණ කට වසා ගැනීම පහසු බවත් වෛරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණය මුහුණු ආවරණය භාවිතා කිරීම ප්‍රමාණවත් බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

No comments:

Powered by Blogger.