Header Ads

Breaking News
recent

නිශාරා ජයරත්න නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුරට සමුදෙයි - හේතු කියයි | Nishara Jayarathne

ලබන 24 වන දින නිල වශයෙන් සේවයෙන් ඉවත් වන තෙක් රාජකාරිය ඉටු කරනවා

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී ලෙස පුරා වසර දෙකක කාලයක් තුළ කළ සේවය මැයි 24 වන දායින් පසුව අවසන් කරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

ජනතාව දැන ගත යුතු සංවේදී තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව හරහා ජනතාව වෙත සන්නිවේදනය කිරීමේ අරමුණ ඇතිව නීතිපතිපතිවරයාගේ සංකල්පයකට අනුව ඉකුත් 2019 මැයි මස 21 වන දින නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස තමා පත් කළ බව නිශාරා ජයරත්න මෙනවිය පැවසුවා ය.
වසර 136ක කාලයක් පුරාවට නීතිපති දෙපාර්තමේන්තුවේ මෙවැනි තනතුරක් ස්ථාපනය කර නොතිබූ බවත් පළමු වරට නීතිපති දෙපාර්තමේන්තුවේ තොරතුරු සාමාන්‍ය ජනතාව වෙත සන්නිවේදනය කිරීම හා මහජන විශ්වාසය ඇති කිරීමට මෙවැනි තනතුරක් එක් කිරීම නීතිපතිවරයාගේ අභිලාෂය වූ බව අධිනීතිඥවරිය සදහන් කළා ය.

ජනතාවට අවබෝධ වන අයුරින් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා එහි බලය විනිවිදභාවයෙන් විධිමත් ලෙස ලබා දීමට තම ආයතනය මෙන් ම නව තනතුර ද භාවිතයට ගෙන පුරා වසර දෙකක කාලයක් තුළ ඉතාමත් කැපවීමෙන් කටයුතු කළ බව අධිනීතිඥවරිය අප හා පැවසීය.

එම වසර දෙකක කාලය පුරා තම සේවය නොබියව කාර්යක්ෂමව ජනතාව වෙත ලබා දීමට කටයුතු කිරීමට මෙම තනතුරට පත් කළ නීතිපතිවරයා වෙත බෙහෙවින් ස්තූතිවන්ත වන බව පැවැසූ ජයරත්න මෙනවිය මෙම කටයුතු සිදු කිරීමට සහාය ලබා දුන් ජන මාධ්‍ය සියල්ලට ම තම ස්තූතිය පුද කරන බව ද පැවසීය.

අධිනීතිඥවරිය සඳහන් කළේ, ලබන 24 වන දින නිල වශයෙන් සේවයෙන් ඉවත් වන තෙක් තම රාජකාරිය ඉටු කරන බවය.

වසර 136ක නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී තනතුර 2019 මැයි මස 21 වන දින ආරම්භ කළ අතර නීතිපතිවරයා විසින් එම තනතුර සඳහා නිශාරා ජයරත්න මෙනවිය පත් කර තිබිණි.

ඒ අනුව, නිශාරා ජයරත්න මෙනවිය අද දක්‌වා මාධ්‍ය සමග සහයෝගයෙන් නීතිපතිවරයාගේ නියෝග මෙන් ම නඩු කටයුතු පිළිබඳ තොරතුරු ද ජනතාව වෙත සන්නිවේදනය කිරීමට කටයුතු කළා ය.

මේ අතර, නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ධූර කාලය ද එළඹෙන මැයි 24 වන දා අවසන්වීමට නියමිතය.

- හංසි නානායක්කාර - මව්බිම

No comments:

Powered by Blogger.