අනිල් ජාසිංහ,පබා පළිහවඩන,අමල් හර්ෂ,ජයරුවන් බණ්ඩාර,පාලිත අබේකෝන් පැත්තකට කරපු සාපයද මේ විදින්නේ ? (VIDEO)
කොවිඩ් 19 මර්දන ක්‍රියාවලියේ ආරම්භයේ සිට හොඳින්ම ක්‍රියාකළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ,අමල් හර්ෂ ද සිල්වා සහ ජයරුවන් බණ්ඩාර යන වෛද්‍ය පරිපාලකවරු,ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පිළිගැනීමක් තිබුණු වසංගත රෝග විශේෂඥ පබා පළිහවඩන, ඖෂධ නියාමන අධිකාරියේ පාලිත අබේකෝන් වැනි අය පැත්තකට කළේ කුමන හේතුවකටද යන්න අදටත් අදහාගත නොහැකි නමුත් දැන් හෝ ඊට හේතු දැක්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
බෙල්ලන මහතා මේ බව සඳහන් කළේ අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
එවැනි විශිෂ්ට කාර්යයක් කළ පිරිසක් ඇගයීම වෙනුවට පැත්තකට දැමීමේ සාපයද මේ විදිමින් සිටින්නේ යන සිතුවිල්ලද මතුවන බවයි බෙල්ලන මහතා කියාසිටියේ.
එමෙන්ම මෙවැනි කාරණා සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පුහුණු කළ විශේෂඥයින් වන විශේෂඥ වෛද්‍යවරුන් වන ලක්කුමාර් ප්‍රනාන්දු,ආනන්ද විජේවික්‍රම යන අය පෙරමුණ ගත් තාක්ෂණික කමිටු තිබිය යුතු වුවත් එවැනි තත්ත්වයක්ද නොමැති බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන ලදී.
පසුගිය අගෝස්තු සැප්තැම්බර් වන විට අනිල් ජාසිංහ මහතා ඉවත් කිරීමෙන් පසු සැප්තැම්බරයේ සිට ඇරඹුණු බ්‍රැන්ඩික්ස් පොකුරේ සිට මේ දක්වා වර්ධනය වෙමින් මේ මොහොත වන විට යම්කිසි උච්ච අවස්ථාවකට පත්ව තිබෙන බවයි ඔහු පැවසුවේ.
විශේෂයෙන් නව සෞඛ්‍ය ලේකම්වරයාගේ බලපෑමෙන් අනිල් ජාසිංහ ඇතුළු අය මාරු කළ බවට සිතුවද හමුදා නිලධාරියෙකු වන මේ සෞඛ්‍ය ලේකම්වරයාද අසාර්ථක වී තිබෙන බවයි බෙල්ලන මාතා වැඩිදුරටත් කියාසිටියේ.
No comments: