Header Ads

Breaking News
recent

අගමැතිතුමනි, ඔබතුමාවත් මල්ලිව ළඟට අරන් කරන්න ඕනේ දේවල් කියල දෙන්න - පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (VIDEO)

ජනාධිපතිතුමන් වටා සිටින කේවට්ට,බොරුකාර,අවස්ථාවාදී උපදේශකයින් ඉවත්කර තමන්ගේ මල්ලිව ළඟට ගෙන කළ යුතු දේ ගැන උපදෙස් දෙන ලෙස අගමැතිවරයාගෙන් හෝ දැන් ඉල්ලා සිටීමට සිදුව තිබෙන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

එසේ නොකර මේ අභියෝගය ජයගත නොහැකි බවයි උන්වහන්සේ කියා සිටියේ.

අද (12) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවේදීයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ. 


 
කෙසේවෙතත් මේ වන විට මේ රට කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාද නැත්නම් ව්‍යාපාරිකයින් ද යන්න ප්‍රශ්නයක් පවතින බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. 

තවදුරටත් පැලැස්තරවලින්වලින් කොවිඩ් පරාජය කළ නොහැකි අතර දැන් හෝ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ. 

No comments:

Powered by Blogger.