නිෂාරාත් 24දා අස්වෙන බවට නීතිපති ගැසට් එකක් ගහලා
නීතිපති දප්පුල ද ලිවේරා මහතා නීතිපති ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත දිනට පෙර එනම් ලබන 24 වැනිදා තමා මෙතෙක් දැරූ නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී යන තනතුරින් ඉවත් වනබව රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කියයි.
තමා එකී තනතුරින් ඉවත්වීමට අදාළ අභ්‍යන්තර ගැසට් නිවේදනය නීතිපතිවරයා විසින් ඊයේ (11) නිකුත් කළ බව ද නිශාරා ජයරත්න මෙනවිය මාධ්‍යට පවසා ඇත.
කෙසේවුවද, රජයේ අධිනීතිඥ තනතුරේ තමා තවදුරටත් රැඳී සිටින බවද ඇය සඳහන් කර ඇත.
දිවයින පුවත්පතට කරුණු දක්වමින් ඇය මෙසේද පවසා තිබේ.
"මම නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුනේ 2011 වසරේදී. 2013 වසරේ දී රජයේ අධිනීතිඥවරියක් ලෙස කටයුතු කරන අතරතුරදී 2019.5.21 වැනිදා තමයි නීතිපතිතුමාගේ සම්බන්ධීකරණ නිලධාරිනි තනතුරට පත්වුණේ. ඒක නීතිපතිතුමා, එතුමා වෙත පැවැරි තිබෙන බලතල අනුව නීත්‍යානුකූලව ස්ථාපිත කළ තනතුරක්. එවැනි තනතුරක් ඇති කරලා මට විශිෂ්ට අවස්ථාවක් ලබාදුන්න නීතිපතිතුමාට මම බෙහෙවින් ස්තුතිවන්න වෙනවා. ඒ වගේම ගෙවුණ දෙවසර තුළදී අපේ රටේ සියලූම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආතන නීතිපති දෙපාර්තමේන්තුවට විශාල සහයෝගයක් ලබා දුන්නා. අවුරුදු 136 ක් ගෙවුණ නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ නීතිපති දෙපාර්තමේන්තුව කොතරම් බලතල තිබෙන කෙතරම් වැඩකොටසක් ඉටු කළ හැකි දෙපාර්තමේන්තුවක්ද කියලා ජනතාවට වැටහුණේ මාධ්‍ය ලබාදුන්න ඒ අපරිමිත සහයෝගය නිසයි.
රටේ ජනතාව සංවේදි වන ඉතා වැදගත් කටයුතු ගැන දැන ගැනීමට තිබෙන ජනතා අයිතිය නීතිපති දප්පුල ද ලිවේරා මහතා විවෘත කරලා දුන්නා. රටේ බහුතරයක් එතුමාගේ ඒ විනිවිදභාවය, සෘජු ප්‍රතිපත්ති ගරුක බව ගැන පැහැදීමකින් සිටින බව ලැබෙන ප්‍රතිචාර අනුව පෙනී යනවා. එතුමාගේ ඒ ආකල්පය ජනතාව අතරට ගෙනියන්න මට පුළුවන් උපරිම සහාය මම ලබා දුන්නා."
No comments: