ඔක්තෝබර් ගැසට්ටුව හැර කොරෝනා සෙසු සියලු ගැසට් අවලංගුයි.. ජනතාවට නව මාර්ගෝපදේශ මෙන්න..
පසුගිය වසරේ ඔක්තෝබර් මස 15 වන දින කොරෝනා සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනය හැර කොරෝනා සම්බන්ධයෙන් නිකුත් කරන ලද අනෙක් සියලුම ගැසට් නිවේදන අවලංගු වන කර තිබේ.
අද දිනයේ සිට ක‍්‍රියාත්මක වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ මෙසේය.
අද සිට 31 දා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා කාලයේදී දිවයිනේම වාහන ගමනා ගමනය සීමා වෙන අතර මෙම කාලයේදී පුද්ගල සංචරණ සීමා වෙනයි. අත්‍යාවශ්‍ය සේවා සඳහා එය බාධාවක් නෑ.
භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාම හැඳුනුම්පතේ අංක අනුව.
පොදු ප්‍රවාහන සේවා ආසන ගණනට පමණයි
කුලී රථයක දෙදෙනෙක් පමණයි
උපයෝගීතා සේවා අවම කාර්ය මණ්ඩලයක් යටතේ
රජයේ හා පෞද්ගලික ආයතන අවම කාර්ය මණ්ඩලයක් යටතේ
රැස්වීමක උපරිම සංඛ්‍යාව 10යි. (කොවිඩ් ප්‍රශ්න ගැන පමණයි)
අපනයනය අරමුණු කරගත් කර්මාන්ත ශාලා ජෛව බුබුලු අනුව පවත්වාගෙ යා හැකියි.
සුපිරි වෙළඳ සැල්/පොළ/ සියයට 25 ධාරිතාවයකින්
කෘෂිකර්මාන්තය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පවත්වාගෙන යා හැකියි
ජංගම වෙළඳුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි
ඉන්ධන හා ඉදිකිරීම් සේවා සෞඛ්‍යරාක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි.
බන්ධනාගර වලට අමුත්තන් බෑ
රෝහල් මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුයි.
දිවා සුරකුම්, පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල උපකාරක පන්ති වසා තැබේ.
මංගල උත්සව තහනම් නමුත් විවාහයක් ලියාපදංචි කිරීමට 15කගෙන් යුත් කණ්ඩායමකින් සිදුකළ හැකියි.
අවමංගල උත්සව සඳහා උපරිමය 15යි පැය 24න් අවසන් කළ යුතුයි
උත්සව සාද එක්රැස්වීම් බෑ
පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් බෑ
ව්‍යායාම ශාලා මැයි 31 දා තෙක් වසයි
සිනමා ශාලා/සැණකෙලි ක්‍රීඩා ස්ථාන වසයි
අවන්හල් සියයට 25ක ධාරිතාවයකින්
මධ්‍යසාර අලෙවි සැල් විවෘත කිරීම උදෑසන 10 සිට සවස 6 දක්වා පමණයි
කැසිනෝ ඔට්ටු සම්බාහන ස්ථාන වසා තැබෙයි.
No comments: