Header Ads

Breaking News
recent

දීර්ඝ සතිඅන්තය නිවෙස්වලම ගතකරන්න - යුද හමුදාපති (Video)

 
අද රාත්‍රී 11 සිට 17 වැනිදා පෙරවරු 04 දක්වා රටපුරා සංචරණ සීමා පනවා ඇති බැවින් සියලු දෙනාම නිවෙස්වලට වී දීර්ඝ සතිඅන්තය ගතකළ යුතු බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබූ බැවින් සියලු දෙනා‍ම දීර්ඝ සතිඅන්තය නිවෙස්වලම ගත කරමින් උපරිම සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පවසනවා.

කෙසේ නමුත් රටේ සමාන්‍ය කටයුතු පවත්වාගෙන යාමට අදාල අත්‍යවශ්‍ය සේවා සඳහා සහ එන්නත්කරණ වැඩසටහන සඳහා මෙම සීමා කිරීම් අදාල නොවන බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

රටේ වත්මන් තත්වය සහ මැයි 31 වැනිදා දක්වා පනවා ඇති සීමා කිරීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන කරනවා.

No comments:

Powered by Blogger.