Header Ads

Breaking News
recent

වෛද්‍යවරයෙක් බිරියන් 05කට, වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ගහලා !

එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙදෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ දී මෙම එන්නත්කරණය සිදුව ඇති බවයි.

වෛද්‍යවරුන් විසින් තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් ලෙස හදුන්වමින් 13000 කට එම ස්ථානයේ එන්නත්කරණය කළ බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම කොළඹ ආසන්න තවත් රෝහල් කිහිපයකම ඒ ආකාරයේ එන්නත් කරණ සිදු කර තිබෙන බවද පැවසූ ඔහු එසේ තිබියදී උණවටුනේ පමණක් සිදුවීමට පරීක්ෂණ කරන්නේ කුමන නීතියකින්දැයි ප‍්‍රශ්න කලේය.

පරීක්ෂණ කරන්නේ නම් සියලු ස්ථානයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු බවද ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

-lankacnews


No comments:

Powered by Blogger.