Header Ads

Breaking News
recent

රටම මුලා කොට වංචාවට ඉඩදෙමින් කැබිනට් මණ්ඩලය තීරණ ගන්නා අලුත්ම විදියක් – අනුර දිසානයක හෙළිකරයි

ආණ්ඩුව විසින් තම හිතවතුන් සමග එක්ව සිදුකරන ඇතැම් දූෂිත ගනුදෙනු යම්කිසි කාලයක් ගතවීමෙන් පසු කැබිනට් මණ්ඩලය හරහා නිත්‍යානුකුල කිරීම සඳහා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) චෝදනා කළා. ඔහු පෙන්වා දුන්නේ ආන්දෝලාත්මක වාහන ආනයනය පිළිබඳ ගනුදෙනුව පිළිබඳ කරුණු හෙළිකරමින්.

වාහන මිලදී ගැනිම සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ලවී ඇති බරපතල චෝදනාව පිටුපස තවත් විශාල වංචාවක් ඇති බවටද චෝදනා එල්ල කළ දිසානායක මහතා එම වංචාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බවද අනාවරණය සිදුකළා.

එමෙන්ම අදාලම වාහන ආනයනය කිරීමට රජය තීරණය කර ඇත්තේ පෝට් සිටි පනත සඳහා මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීම සඳහා අල්ලසක් ලෙස යොදා ගැනීමේ අරමුණින් බවට ද ඔහු චෝදනා කළා.

වාහන ගෙන්වීමේ ක්‍රියාවලිය නතර කර දැමිය නොහැකි නම් රජය විසින් කළ යුතුව ඇත්තේ එම වාහන මෙරටට ආනයනය කොට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම බවට යෝජනාවක්ද ඔහු මෙහිදී සිදුකළා.


No comments:

Powered by Blogger.