කුකුළන් 1500ක් සහ රියදුරු එක්ක ලොරිය වික්ටෝරියා ජලාශයට පෙරලෙයි... ඒක බලන්න විශාල ජන ගඟක් - (Photos)
කුකුළන් 1500ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මහියංගනය – මහනුරව ප්‍රධාන මාර්ගයේ මොරගහමුල පාලම කඩාගෙන වික්ටෝරිය ජලාශයට පෙරළීමෙන් එහි රියැදුරා සහ ප්‍රවාහනය කරමින් තිබූ කුකුළන් 1500ම මියගොස් ඇතැයි තෙල්දෙණිය පොලිසිය කියයි. මියගොස් ඇත්තේ කටුකිතුල මිල්ලගහමුල්ලේ පදිංචි අශේන් ධනුෂ්ක නමැති එක්දරු පියෙකි.
වික්ටෝරියා ජලාශයට සමීපව තිබෙන ගල්මල්ඔය හරහා ඉදිකර ඇති පාලමෙන් පහළට මෙම ලොරිය පෙරළි ඇත.
මෙම කුකුළන් 1500 ගම්පොළට ප්‍රවාහනය කරමින් සිට ඇත.
එමෙන්ම එය නැරඹීම සඳහා සංචරණ සීමා නොතකා ජනතාව විශාල වශයෙන් එක් රොක් වීම අනුමතක කල නොහැකියි.
ජේ.ඒ.එල්.ජයසිංහ සහ චන්දන උඩුවාල








No comments: