Header Ads

Breaking News
recent

“ජූනි 28 දක්වා රට වසා තබන්න” - ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි

මේ වන විට මුළු රටම ආවරණය වන පරිදි පනවා තිබෙන සංචරණ සීමා, ජූනි මාසයේ අග වන තෙක් කි‍්‍රයාත්මක කරන ලෙස ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලයි.

එමෙන්ම, දැනට පනවා තිබෙන සංචරණ සීමා තුළ ලිහිල් බවක් දක්නට හැකි බැවින්, සංචරණ සීමා දැඩි කරන ලෙසද ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලයි.

ඊට අමතරව, දැනට සිදුකරන පී.සි.ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ දමන ලෙසත්, කෝවිඞ් අධි ව්‍යාප්තියක් සහිත ප‍්‍රභේද පැතිරි යන රටවලින් සංචාරකයන් ගෙන ඒම වළක්වන ලෙසත් එම සංගමය ඉල්ලයි.

ඔවුන්, මෙම සියළු ඉල්ලීම් සහිත ලිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.


No comments:

Powered by Blogger.