Header Ads

Breaking News
recent

“ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම භාරගෙන විෂය භාර ඇමති ඉල්ලා අස්විය යුතුයි !” - පොදුජන පෙරමුණ නිකුත් කළ ලිපිය මෙන්න

කොරෝනා උවදුර හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති මෙවන් අවස්ථාවක ඉන්ධන මිල ඉහළ නැංවීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා භාරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුක්තව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙවැනි තත්වයක් උද්ගත කිරීම පිළිබඳ  විෂය භාර අමාත්‍යවරයා සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවයි.

කොවිඩ් අර්බුදය හේතුවෙන් ජන ජීවිතය අඩාල වී ජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇති අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දමා පීඩාවට පත්ව ඇති ජනතාව තවත් අසීරුතාවට පත්වන ආකාරයේ තීරණයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්වයකට රජය පත් කිරීම පිළිබඳ පක්ෂයේ දැඩි අවධානය යොමුව ඇතැයි එම නිවේදනයේ සඳහන්.


No comments:

Powered by Blogger.