Header Ads

Breaking News
recent

කුරුණෑගල නගරාධිපතිගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි

සංචරණ සීමා පණවා තිබියදී එය නොතකමින් කේක් ගෙඩියක් කපා උපන් දින සැමරීම සිදුවීම පිළිබඳව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ නගරාධිපතිවරයා මේ වන විට නිරෝදායනය සඳහා යොමු කර තිබෙන නිසා එම ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බවයි.

දැනටමත් එකී සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් ඇතුළු අට දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද ඔහු සදහන් කළේය.

නගරාධිපතිවරයාගෙන්ද සිදුවීම පිළිබඳ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.


No comments:

Powered by Blogger.